April 14, 2011

හඳ සහ නිව්යෝර්ක් නුවර

සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වෙලා, අවුරුදු චාරිත්‍ර ඉ‍ටු කරන අතරතුරේ මටත් හරි පුදුම දේවල් තමයි හිතුනෙ. එයින් එක දෙයක් බ්ලොග් අවකාශයත් එක්ක බෙදාගන්න මං හිතුවා. මට එක පාරටම මතක් උනේ පිටරට ඉන්න අපේ උදවිය කොහොම මේක සමරනව ඇතිද කියල. සමහරුන්ට නම් මෙහෙම දෙයක් තිබුනද කියල ගාණක්වත් නැතුව ඇති. ඒත් අපේකම ඇඟේ තියෙන සයුරින් එහා ඉන්න අපේ අයට නම් අවුරුද්ද තාම අමතක වෙලා නැතුව ඇති කියල හිතුනා. හැබැයි ඉතින් අපේ රටේ වගේ වෙන රටවල මේ කාලෙට නිවාඩු ලැබෙන්නෙ නැති නිසා සමහරවිට ඒ උදවියට අවුරුදු සිරිත් ඉ‍ටු කරන්න නොලැබෙන්නත් ඇති.

ශ්‍රී ලාංකිකයින් වැඩි පිරිසක් එකම ප්‍රදේශයේ ජීවත් වෙන ඕස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍යය වගේ රටවල්වල ඉන්න අයට නම් ළඟම එන සති අන්තෙකවත් එකතු වෙලා අවුරුදු සමරලා සතු‍ටු වෙන්න පුලුවන් කියල කියමුකො. ඒත් එහෙම ඉන්න නොලැබෙන අපේ අය කී දාහක් නම් ඇත්ද කියල හිතුනා. කොයි දේශ දීපංකරේ හිටියත් ඉතින් අවුරුද්දට හරි ගමේ එන්න කාටත් ආසයි නේ. මොන පරමාර්ථයක් වෙනුවෙන් විදේශගත වෙලා හිටියත් ඒ අයට අවුරුදු කාලෙට පුන්චි හරි පාලුවක් දැනෙනව ඇති. ඉතින් ඔන්න ඔය වගේ දේවල් හිත හිතා ඉඳිද්දි, නිකමට මගේ පරිඝණකයෙ තිබිල හම්බ උනා පොඩි නිසඳැස් කාව්‍යයක්. කලිනුත් කියවල තිබුනට, ඒකෙන් කියවෙන අදහස තවත් හොඳට මගේ හිතට වැදුන ඊයෙ ඒක කියෙව්වයින් පස්සෙ.

මහගම සේකර කියන සිංහල සාහිත්‍යයේ අග්‍රගණ්‍ය දර්ශනවාදී කලාකරුවගෙ හඳ සහ නිව්යෝර්ක් නුවර කියන නිසඳැස් කාව්‍යය ගැන තමයි මං කිව්වෙ. දේශ දීපංකරේක තනිවුනු අපේම ගමක ගමේකම තියෙන මනුස්සයෙකුගෙ හිත කියන කතාව කියවලා රස විඳින්න.

 
බ්ලොග් පෝස්ට් එක දාලා ටික වෙලාවකින් පස්සෙ ඩොනල්ඩ් ගාමිනීතිලක අය්යා මට එවල තිබුනා ගිය මාසෙ පෝය දවසෙදි නිව්යෝක් නුවරදි ඔහු විසින්ම ගත්තු, හඳේ පින්තූරයක්... ඉතින් ඒකත් එකතු කරල ආයෙත් බ්ලොග් සටහන දමන්න මං හිතුවා... බොහෝම ස්තූතියි පින්තූරෙට...


උපන් බිමට වැඩිය තැනක් කොහෙද තියෙන්නේ කියලා හිතෙන්නෙ මේ වගේ වෙලාවට තමයි. ඉතින් අවුරුද්ද සමරපු, සමරන්න බලාපොරොත්තුවෙන් ඉන්න, ලෝක වාසී සියලු ශ්‍රී ලාංකිකයන්ට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ නව වසරක් වෙන්න කියල මං ප්‍රාර්ථනා කරනවා. අලුත් අවුරුද්දෙ අලුත් පොතක් කියවන්න, අලුත් වැඩක් පටන් ගන්න, අලුත් වෙන්න අමතක කරන්න එපා...

සැමට සුබ නව වසරක් වේවා...!!!
புத்தாண்டு உஙக‌ளுக்கு மகிழ்சியாக மலர வாழ்த்துக்கள்...!!!
Wish you all a happy new year...!!!

6 comments:

සංදීපගේ මයික්කරපෝනය said...

මචන් මේ නිසදැස නම් ඈත්තටම හිතට වදිනවා.. මං කැමතිම මෙන්න මේ කොටසට........

මචන් මේ නිසදැස නම් ඈත්තටම හිතට වදිනවා.. මං කැමතිම මෙන්න මේ කොටසට........

මොහොතක් නැවතී මාදෙස....
ආදරයෙන් බලන කෙනෙක්.....
වගතුග අසන කෙනෙක්.......
දන්නා අඳුනන්නෙක්...
මෙතන නොමැත......

සමහර වෙලාවට මචන් ලංකාවේ ඉඳලත් එහෙම දැනෙන වෙලාවල ඕන තරම් තියනව නේද ???

Lakshitha Chathuranga said...

සිරාවට බන්... සමහර වෙලාවට මට හිතෙනව විශ්වයම එකම ගම්මානයක් වෙලා කිව්වට වෙලා තියෙන්නෙ මිනිස්සු එකිනෙකාගෙන් තවත් ඈත් වෙච්ච එකද කියල...

Donald Gaminitillake said...

I have sent you a mail with a photo taken by self.

Moon and New York

Tishan Pubudu said...

තව අවුරුදු 2,3 කින් අයියටත් මේ හැගීමම දැනේවිද? :o ;)

Lakshitha Chathuranga said...

@ඩොනල්ඩ් ගාමිනීතිලක : බොහොම ස්තුතියි... අපූරු පින්තූරෙ... අපේ අහසෙ පායන හඳ වගේමයි :-D
ඔන්න එහෙනම් මම ඔබ එවපු පින්තූරෙත් බ්ලොග් සටහනට එකතු කළා... :)
(මොකුත් ආමන්ත්‍රණයක් යෙදුවෙ නැත්තෙ මොකක් කියන්නද කියල දන්නෙ නැති නිසයි...)

@ටිශාන් මල්ලි : ම්ම්ම්... දැනට නම් එහෙම අදහසක් නෑ මලයො... හැබැයි ඉතින් මේ සාහිත්‍යයවත් අපේ ජීවිතේ ඉතුරු වුනොත් ඒ වගේ දේකට උනත් බොහොම හොඳින් මුහුණ දෙන්න පුලුවන් වේවි කියලයි මට හිතෙන්නෙ :) :) :)

Donald Gaminitillake said...

Thank you for using the image

There is another image to describe the poems " asu vi viduli eliya pitareta"

When I took these photos I never thought that it could be used for a poem of great mahagamasekera

His writing is very true!