July 2, 2011

සනත් ජයසූරිය ක්‍රිකට් පන්දුවට ලියූ කව....






විසි වසක් පුරාවට
නුඹට නොපෙනෙන ලෙසින්
සිත පුරා දළු දැමූ
නොකිව් පෙම් කවිය මට
අවසරයි කියන්නට...

මා ඔබට දුන් රිදුම්
ඉවසමින් මෙතුවක් කළක්
මා අණට අවනත වෙමින්
පියාසර කළ අරුම
අගයන්නට වදන් නැත...

නුඹ මගෙන් ඈත් වී
අහස් ගඟ සිසාරා ඇදී යන කළට
මගේ රටේ මිනිස්සුන්ගෙ බලාපොරොත්තුත්
එසවුනා ඊටත් වඩා ඉහළින්
අහස උසටම...

නුඹ නිසා මං අද වීරයෙක්
උපන් බිමට බරක් නෑ මගෙන්...
ලොව නොදත් මගේ පෙම
අවසරයි පුද දෙන්න ඔබ හට
රිදවන්නෙ නෑ යළිත්,
දිවිය ඇති තුරාවට...