April 2, 2011

ක්‍රිකට් සහ අපේ බලාපොරොත්තු

ෆයිනල් එක පටන් ගන්න තව ටික වෙලාවයි තියෙන්නෙ. ඊට කලින් කරන්න කිසිම දෙයක් හිතාගන්න බැරුව ෆේස්බුක් පැත්තෙ ගිහිපු මට මෙන්න මේ පින්තූරෙ දැකගන්න ලැබුනා... ටිකක් ඒක දිහා බලන්න හොඳට...





ලංකාව සහභාගි වෙච්ච අවසන් පූර්ව තරඟයෙන් පස්සෙ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයෙදි දැක ගන්න ලැබුනු දර්ශනයක් තමයි මේ. තරඟය නිමා වෙලා ප්‍රේක්ෂකයො ඉවත් වෙලා ගියාට පස්සෙ තමයි මේ අය ආවෙ... මේ කවුද, කරන්නෙ මොකද්ද කියල හිතාගන්න බැරි කමක් නැ නෙ.

මෙච්චර හොඳ තරඟයක් පටන් ගන්න කලින් මෙහෙම බ්ලොග් පෝස්ට් එකක් දමන්න තරම් මට පිස්සුද කියල කාටහරි හිතෙන්න පුලුවන්. හැබයි මේක මේ වෙලාවෙ දැම්මම අපි කාගෙත් හිත් වලට මේ පින්තූරෙන් කියවෙන කතාව ගොඩක් කාවදීවි කියලයි මට හිතෙන්නෙ. අපි කවුරුත් ක්‍රිකට් ගැන පිස්සුවෙන් වගේ ඉන්න අතරෙදි අපේම රටේ තවත් පිරිසක් ඊළඟ ආහාර වේල කොහොම හොයාගන්නද කියල හිත හිතා ඉන්නවා කියල මතක් කරන්නයි මට ඕන උනේ.

හැබැයි ඒ උදවියත් නොකා නොබී හරි එක හිතින්ම ප්‍රාර්ථනා කරන්නෙ අපේ කණ්ඩායමට ජය ලැබෙන්න කියලයි. අපේ සංගා කියපු විදියට මුළු රටක් සුවපත් කරන්න ක්‍රීඩාවට පුළුවන්. ඉතින් ඒ වගේ මිනිස්සුන්ට බලාපොරොත්තුවේ ආලෝකය අරන් එන්න අපේ කොල්ලො ටිකට හැකි වෙන්න කියල ප්‍රාර්ථනා කරමු අපි හැමෝම... තරඟයේ ප්‍රථිඵලය මොකක් උනත් අපේ රටට ලොකු අභිමානයක් ගෙනත් දෙන්න සංගා, මහේල, මුරලි ඇතුළු අපේ කණ්ඩායම දැනටමත් සමත් වෙලා ඉවරයි.

අපේ මාතෘභූමියට තවත් ලෝක කිරුළක් අරන් එන්න අපේ කොල්ලො ටිකට හැකියාව ලැබේවා කියල ඉත සිතින් පතමු... හැබැයි එතනින් නවතින්නෙ නැතුව අපේ රටේ සමස්ථ ජනතාවටම තමන්ගේ ජීවන තත්වය ඉතා හොඳ තැනකට ගෙනියන්න ඕන කරන ගැම්ම, ආරම්භය මෙතනින් ගන්න පුළුවන් වෙන්න කියලත් අපි පතමු...

ජය වේවා ශ්‍රී ලංකා...!!!

2 comments:

Thameera said...

මේක දැක්කම අපි මේ චියර් කරන්නෙ හීන ලෝකෙක ඉඳගෙන නේද කියල හිතුණා :/

_
Word verification අයින් කරා නම් හොඳයි

Lakshitha Chathuranga said...

හ්ම්ම්ම්... ඒක ඇත්ත අය්යෙ... හැබැයි මේ වගේ දෙයක් වත් නැත්නම් ඒ මිනිස්සුන්ට ජීවත් වෙන්න අරමුණක්වත් නැ කියලයි මට හිතෙන්නෙ... හැම දෙයින්ම හොඳ දේ ‍ෆිල්ටර් කරගත්ත නම් හරි... :)

_____
ඔන්න අයින් කරා word verification