December 17, 2010

සරුංගලේ...

හුඟ කාලයක් තිස්සෙ අහන්න හිතන් හිටපු ආසම කරන සිංදුවක් මං අද ඇහුවා. හරියට නිකන් හුඟ කාලෙක ඉඳන් බ්ලොග් එකක් ලියන්න හිතන් හිටපු මම, අද මගේ පළමු බ්ලොග් සටහන ලිව්ව වගේම තමයි.

නන්දා මාලිනිය ගයන මේ ගීතය පුංචි කාලෙ ඇහුවමත් මොකද්දෝ ගැඹුරු තේරුමක් තියෙනව කියල තේරුනා. ඒත් ඒ තේරුම හරියටම මොකද්ද කියල සින්දුව හරියටම අහලා තේරුම් ගත්තෙ අද තමයි. ඔබත් අහලා ඇති මීට කලින්. ඒත් ඒ මතකයන් අවදි වෙන්නත් එක්ක ආයෙත් මේ සින්දුව අහල බලන්න.


        සරුංගලේ වරල් සැලේ
        නිසංසලේ ගුවන් තලේ
        අපෙන් මිදී වෙන රටකට යන්න හදන්නේ
        උපන් බිමට වැඩිය තැනක් කොහිද තියෙන්නේ

        සරුංගලේ බට පතුරින් නුඹ සැදුවේ අපේ ළමයි
        සරුංගලේ ලා‍ටු උලා ‍රැළි කෙරුවේ අපේ ළමයි
        සරුංගලේ කොළ අලවා හැඩ කෙරුවේ අපේ ළමයි
        සරුංගලේ නුඹ අහසේ අපේ ළමයි තාම බිමයි

        සරුංගලේ නුඹ වෙනුවෙන් ගුටි කැවේ අපේ ළමයි
        සරුංගලේ නූල් යොදා උඩ ඇරියේ අපේ ළමයි
        සරුංගලේ උඩ ගිය දා මතක නැතේ අපේ ළමයි
        සරුංගලේ නුඹ වාගෙයි රට හැර යන අපේ ළමයි

        සරුංගලේ වරල් සැලේ
        නිසංසලේ ගුවන් තලේ
        අපෙන් මිදී වෙන රටකට යන්න හදන්නේ
        උපන් බිමට වැඩිය තැනක් කොහිද තියෙන්නේ........

සින්දුවක් උනාම තනුව විතරක්ම නෙමෙයි පද මාලාවත් අරුත්බර වෙන්න ඕන කියලයි මම නම් හිතන්නෙ (අද කාලෙ හුඟක් ගීතවල නැත්තෙම ඕක නෙ). ඉතින්, බොහොම සරල වචන ටිකකින් අපේ හිතට වදින ලොකු පණිවුඩයක් දීපු හැටි හරිම අපූරුයි නේද? මේ අපූරු වදන් පෙළ ගැස්සුවෙ කවුද කියල මට හොයාගන්න බැරි උනා. මේක කියවන කවුරුහරි දන්නවනම් කියල එවන්න. :)

අද අපේ රටේ මිනිස්සුන්ගෙ සල්ලි වලින් ඉගෙනගෙන, අපේ රටට කිසිම සම්බන්ධතාවක් නැති විදේශ වල සේවය කරන ශ්‍රී ලාංකිකයින් කීදෙනෙක් නම් ඉන්නවද කියල අපි නිකමටවත් හිතුවද? ඉගෙන ගන්න පිට රටකට ගියාට කමක් නෑ. පිටරටක පදිංචි උනත් කමක් නෑ කියමුකෝ. ඒත් තමන් ඉපදුනු රට වෙනුවෙන් යමක් කරන එක අපි හැමෝගෙම යුතුකමක් සහ වගකීමක්. මොකද කියනවනම් අපි අපේ උපන් බිමට සදා ණයගැතියි.
සරුංගලයක් උනාට කමක් නැ. ගොඩක් උඩට ගියාට කමකුත් නැ. ඒත් එහෙම උඩකට යන්න අත්වැල දුන්නු පුංචි ළමයින්ව අමතක කරන්න එපා! ඒ පුංචි එවුන් හරි ආසයි තමන් හදල උඩ යවපු සරුංගලේ ආයෙත් තමන් ළඟට එනවනම්...

11 comments:

Tishan Pubudu said...

කාට කාටත් ඔය දේ තේරෙනවනම් ලංකාව තව ලස්සන වෙයි.

Lakshitha Chathuranga said...

ඔව් අනිවාර්යයෙන්ම... :)

මනෝධ්‍ය ලක්මාල් සමරවීර said...

මචං මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙක් කැමති නැහැ තමන් අමරුවෙන් හදපු සරුංගලේ උඩ නොයව තමන් ලග තියාගෙන ඉන්න...උන් ඔක්කොම හදන්නෙ සරුන්ගලේ පුලුවන් තරම් උඩ යවන්න ඒක තමා උන්ගෙ සතුට ඒ නිසා ඒ ආසාව වැරදි කියන්න කාටවත් බැහැ .ඒත් මචං අපි කරන පිස්සු වැඩ හොද වැඩ ඔක්කෝම උහුලගෙන හිටපු මේ රත්තරන් මාතෘ භූමියට පන වගේ අපි හැමෝම අදරේ කරන්න ඕන කියන එකට ඔලුව නමල හැමෝම එකග වෙන්න ඕන.

Lakshitha Chathuranga said...

@ලක්මාල්: මචන් මෙතන්දි සරුංගලේ කියල කියන්නෙ හොඳට ඉගෙනගෙන ඉහළට යන අයට. ඒ අයට උඩට යන්න හයිය දෙන පොඩි මිනිස්සුන්ව තමයි ළමයි ටිකකට උපමා කරන්නෙ. මට තෙරුනේ නම් එහෙමයි. හැබැයි උඹ අන්තිමට කියපු එක නම් සහතික ඇත්ත...

Thameera said...

ඔය වගේ සින්දුවක් රේඩියෝ එකේ යනව අහන්න පින් කරල තියෙන්න ඕන.

Lakshitha Chathuranga said...

රේඩියෝ එකේ නෙමෙයි ඇහුවෙ... කොහෙන්ද එච්චර වාසනාවක්...
බොහොම අමාරුවෙන් search කරලා හොයාගෙන ඇහුවෙ... ඒකෙත් එච්චර quality 1ක් නෑ අය්යෙ...

The Loan Sailor said...

කොයිතරම් උඩට ගියත්, නූල තියෙන්නෙ ස්ථාවරව බිම නම්, සරුන්ගලේටවත් ළමයින්ටවත් ප්‍රශ්නයක් වෙන එකක් නෑ නේද?

පද: මහචාර්ය සුනිල් ආරියරත්න (මට මතක හැටියට)

Lakshitha Chathuranga said...

@උදාර: බොහොම ස්තූතියි මචන්... හරි උඹට තේරුනා...ඒක තමයි වෙන්න ඕන මාත් හිතන විදියට...

Anonymous said...

සහතික ඇත්ත, ඒත් ඔයටික තේරුම්ගතපු ගොඩක් අය ලංකාවෙ නැතිවුනාට මම දන්න තරමින් එහෙම කැපකිරීම් කරපු අතලොස්සක් ලංකාවෙ ඉඳල තියනව.ඒත් ඒ අයට ලැබෙන්න තිබුනු දේවල් මේ රටෙන් ලැබුනද කියන එකනම් සැක සහිතයි.මම හිතන්නෙ 'රේ විජේවර්ධන' කියන්නෙ එවැන්නෙක්.
"
මෙතුමා ගැන බොහෝ දෙනෙකු දන්නේ අත් ට්‍රැක්ටරය නිපදවු පුද්ගලයා ලෙසය. මෙය බහු කාර්යය උපකරණයක් ලෙස භාවිතා කළ හැකි බැවින් නව නිපදවීම මැතිණියට ඉදිරිපත් කළ අවස්ථාවේ “අපේ රටේ ඕන තරම් මී හරක් ඉන්නවා. එම නිසා ඔය උපකරණය අනවශ්‍යයයි” පවසා ඇත.
"
http://is.gd/iZrHW

Unknown said...

ඔව්

Unknown said...

ඔව්