March 18, 2011

සිනහව, උද්‍යෝගය, රට සහ මුරලි...

ලෝක කුසලාන ක්‍රිකට් උණුසුම එන්න එන්නම වැඩි වැඩියෙන් දැනෙන මේ දවස්වල ඉතින් බ්ලොග් ලියනවට වඩා ඉතින් මැච් බලන එකමනෙ වැඩේ... ලෝක කුසලාන තරඟාවලිය ගැන මොනවහරි ලියන්න ගොඩක් කාලෙක ඉඳන් හිතන් හිටියෙ... අද නම් බ්ලොග් පෝස්ට් එකක් දමන්න ලොකු ගැම්මක් ලැබුණා අපේ කණ්ඩායම ජයග්‍රහණය කරපු වෙලාවෙ...

ලෝක කුසලානය ගැනම නෙමෙයි කියන්න යන්නෙ... ඊට කලින් මෙන්න මේ පින්තූරෙ ටිකක් බලන්න...




මුත්තය්යා මුරලිදරන්...

මම කියන්න යන්නෙ මුරලි ගත්තු කඩුලු ගණන ගැනවත්, තියපු ලෝක වාර්තා ගැන වත් නෙමෙයි... මුරලිදරන් කියන ක්‍රීඩකයාටත් වඩා, මුරලිදරන් කියන මිනිසා ගැන, අද මැච් එක බලද්දි මට හිතුනු දේවල් ටිකක් කියන්නයි හිතුවෙ...
 
එක්දින, ටෙස්ට්, T20 තරඟ වලදි කඩුලු ඔක්කොම 1400කටත් වඩා දවාගත්තු ලෝකයේ විශිෂ්ටම දඟ පන්දු යවන්නා අද තරඟයෙදි කඩුල්ලක් දවාගත්තමත් ඒක සමරපු හැටි බලන්න... හරියට පොඩි දරුවෙක් වගේ... මුරලිට තමන් කරන දේ ගැන කොච්චර භක්තියක්, හැඟීමක් තියද කියල මේකෙන් අපිට පේනව නේද? මුරලිගෙ සාර්ථකත්වයෙ ලොකුම රහස මේක වෙන්න ඇති කියලයි මට නම් හිතෙන්නෙ...

අනිත් එක තමයි, අද තරඟයෙහි මුරලි පන්දු යැව්වෙ පාදයෙ ඇති වෙච්ච ආබාධයකුත් එක්ක. එහෙම වෙලත් රට වෙනුවෙන් තමන්ගෙ වගකීම හොඳටම ඉ‍ටු කරපු හැටි අදහගන්නත් අමාරුයි. කොහොමත් මුරලි දැන් ඉන්න තැනට ආවෙ මල් මාවතක් දිගේ නෙමෙයි නෙ. ඒ ගමනෙදි නිස ලැබුණු පන්නරයත්, බාධක හමුවේ නොසැලෙන ආත්ම විශ්වාසයත් තුළින් අදත් මුරලි අපේ රට ජයග්‍රහණය වෙත අරගෙන ගියා. ඒ හැම වෙලාවකදිම මුරලිගෙ මුහුණෙ ඇඳිල තිබුණු මඳ සිනහව ඕනම ක්‍රිකට් රසිකයෙකුට අමතක වෙන්නෙ නෑ.

පාදයෙ ආබාධය ඇති උනෙත් මුරලි තමන් ගැන නොහිතා, රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න ගිහිපු නිසයි... ලංකාව පන්දුවට පහරදෙනකොට අවසාන පන්දු ඕවරයෙදි ඇන්ජෙලෝ මැතිව්ස්ට පන්දුවට පහරදීමේ වාරය අරගෙන දෙන්න, දෙවනි ලකුන දුවද්දි, දැවීයාමෙන් වළකින්න සීමා ඉර වෙතට පනිද්දි තමයි මුරලි ඒ ආබාධයට ලක් උනේ. රට ගැන, කණ්ඩායම ගැන හිතල ක්‍රීඩා කරන නියම ක්‍රීඩකයෙක්, මහත්මයෙක් විදියට මුරලිව හඳුන්වන්නෙ ඒක නිසයි...

ඉතින් මේ ලෝක කුසලානයෙන් පස්සෙ අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගන්න මේ වීරයට උපරිම උපහාරය දක්වන්න, එහෙමත් නැත්නම්, ලෝක කුසලානය අපේ රටට ගේන්න මුරලි, සංගා, මහේල ඇතුළු අපේ කණ්ඩායමට හැකිවෙන්න කියල අපි හැමෝම එක සිතින් ප්‍රාර්ථනා කරමු.
 
අනිත් දේ තමයි, ක්‍රිකට් බලනකොට උනත්, නිකන් පිස්සුවෙන් වගේ බලන්නෙ නැතුව, ජීවිතේට යමක් ගන්න තියෙන තැන් වලින් ඒ දේ අරගන්න පුරුදු වෙනව නම් ඒක අපි කාටත් වැදගත් වේවි... ආයෙමත් උඩ තියෙන පින්තූරෙ දිහා බලන්නකො. ඒක දැක්කමයි, අද තරඟය මතක් වෙනකොටයි, මුරලි ලංකාවෙ ක්‍රිකට් වලට කරපු සේවය දිහා හැරිල බලනකොටයි, මගේ හිතට ගොඩක් ලොකු ජවයක්, අධිෂ්ඨානයක් දැනෙනවා...
 
මුරලි.... ඔබට අපේ උපහාරය...!!!

6 comments:

Sachinthana said...

Great Words malaya...
keep it up........nice one.....

Lakshitha Chathuranga said...

Thanks a lot ayya...! :)

nishshanka said...

Murali podi lamayek wage satutu wena hati nam hamadama dakinawa.. Eth eda wisheshay.. Injury eka nisa.
Nice thoughts ayya... We are reading your blog.. Good work..

Lakshitha Chathuranga said...

nice to hear that malli... thanks a lot...!

Tishan Pubudu said...

කැපවීමේ ප්‍රතිපල එද්දී දැනෙන සිරාම සතුට....:)

Lakshitha Chathuranga said...

අනිවා ටිශාන් මල්ලි... අපේ ජීවිත වලටත් ලොකු පාඩමක්...