July 2, 2011

සනත් ජයසූරිය ක්‍රිකට් පන්දුවට ලියූ කව....






විසි වසක් පුරාවට
නුඹට නොපෙනෙන ලෙසින්
සිත පුරා දළු දැමූ
නොකිව් පෙම් කවිය මට
අවසරයි කියන්නට...

මා ඔබට දුන් රිදුම්
ඉවසමින් මෙතුවක් කළක්
මා අණට අවනත වෙමින්
පියාසර කළ අරුම
අගයන්නට වදන් නැත...

නුඹ මගෙන් ඈත් වී
අහස් ගඟ සිසාරා ඇදී යන කළට
මගේ රටේ මිනිස්සුන්ගෙ බලාපොරොත්තුත්
එසවුනා ඊටත් වඩා ඉහළින්
අහස උසටම...

නුඹ නිසා මං අද වීරයෙක්
උපන් බිමට බරක් නෑ මගෙන්...
ලොව නොදත් මගේ පෙම
අවසරයි පුද දෙන්න ඔබ හට
රිදවන්නෙ නෑ යළිත්,
දිවිය ඇති තුරාවට...

2 comments:

අනුරුද්ධ තෙන්නකෝන් said...

නියමයි මචං.අපි මෙච්චර ක්‍රිකට් වලට කැමති වෙන්න සනත් ලොකු හේතුවක් වුනා කියල මට හිතෙනවා.සනත් වගෙ මැච් එකක් දිනවන්න පුලුවන් කෙනෙක් ආපහු බිහිවෙයිද කියන එක නම් විශ්වාස නෑ.

Subodha Charles said...

ඉස්සරහටත් විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයො ලංකාවෙන් බිහි වෙනවා. සනත්ගෙ records උන් අලුතින් පිහිටුවාවි. එහෙම උනත් සනත් වගේ ක්‍රීඩකයෙක්, match winner කෙනෙක්, ක්‍රීඩාව උඩු යටිකුරු කරන කෙනෙක්, ලංකාවෙන් නෙමෙ මුලු ලොකෙන්ම බිහි වෙන එකක් නෑ.